අ/කේ. බී. රත්නායක මහා විද්‍යාලය සිය 51 වන සංවත්සරය සමරයි.

cover3.jpeg
cover3.jpeg

ඉතිහාසය රන් අකුරින් ලියවුනු 

මුලි ලොව පතළ නමයි

අනුරපුරයෙ ශ්‍රී මහ බෝ සමිදුන් 

වැඩ වසනා බිමයි

සොදුරු බවින් දස අත පතළයි

අනුරධ රුවන් බිමයි

අනුරපුරය රත්නායක විදුහල අපගේ ජීවනයයි  //

 

සදාචාර ගුණ වඩන අපේ

උදාර එඩි ගති මවන සිතේ //

ශිල්ප කළා විදු ආලෝකේ //

කරන පිණිස ඒ ආලෝකේ //

 

වීර පුතුන් හෙළ වීර කතුන්

රට දැය සුරකින මහ පඩුවන් //

කිත් දද නැංවූ මහ වියතුන් //

වැඩෙයි අපේ යහපත් ඇසුරෙන් //

 

ඉතිහාසය රන් අකුරින් ලියවුනු 

මුලි ලොව පතළ නමයි

අනුරපුරයෙ ශ්‍රී මහ බෝ සමිදුන් 

වැඩ වසනා බිමයි

සොදුරු බවින් දස අත පතළයි

අනුරධ රුවන් බිමයි

අනුරපුරය රත්නායක විදුහල අපගේ ජීවනයයි  //