නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
M. P. P. සෙනෙවිරත්න මිය
වත්මන් අධ්‍යාපන ක්‍රමය අවශ්‍යතාවයකි දැනුම කුසලතා හා ආකල්ප මෙන්ම තාක්ෂණය. එමගින් පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ දරුවන් සකස් කිරීම යන මහඟු කාර්යභාරයක නියැලෙන අප විද්‍යාලයේ ඒ සඳහා කැප වූ විදුහල්පතිතුමා ඇතුළු සියලු දෙනා ගෞරවයෙන් සිහි කරමි.
තරගකාරී අධ්‍යාපන ක්‍රමයක් තුල නව ප්‍රවණතා හා තාක්ෂණය මුසුව ලබාදෙන අධ්‍යාපනය තුළින් නුවණ මෙන්ම විනය හා ආකල්ප වලින් හෙබි පරිපූර්ණ දරුවන් බිහි කිරීම යන අරමුණින් යුතුව අප විද්‍යාලයේ සියලුම භෞතික හා මානව සම්පත් යෙදීවීම සිදුකරයි. පාසලේ ප්‍රබලතා තවත් ඔප්නම් වෙමින් අල්ප වශයෙන් පවතින දුබලතා අමාගහරවා ගනිමින් පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීමට යන මෙම ගමන් මාර්ගය අභියෝග රැසක් තිබුණද එය ජයගත හැකි බව අතීතයේද අප විද්‍යාලය විසින් පෙන්වා දී ඇත.
විද්‍යාලයේ තොරතුරු හා සංවේදන තාක්ෂණ අංශයේ සිදු කෙරෙන මෙම කර්තව්‍යයට සුබ ප්‍රාර්ථනා කරන අතර පාසල තුළින් බිහිවන පරපුර අනාගත වැඩ ලෝකය තුළ බැබල ඒවා යන්න මගේ එකම ප්‍රාර්ථනයයි.
M. P. P. සෙනෙවිරත්න මිය
නියෝජ්‍ය විදුහල්පති
අ/ කේ.බී. රත්නායක මහා විද්‍යාලය.





